රාජ්ය සේවය පූර්ණ ප්රතිසංස්කරණයට භාජනය කළ යුතු බවත් ඇතැම් රාජ්ය සේවකයන්ට කිරීමට රාජකාරියක් නොමැති බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. ආර්ථිකය පිළිබඳව විශේෂ ප්රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“රාජ්ය සේවය පිළිබඳවත් අපිට වෙනස් ඇසකින් බලන්න සිදුවෙනවා. සීමාවක් නොමැතිව රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉතාම පහළ තලයකට වැටිලා. සමහර රාජ්ය සේවකයන්ට කරන්න කිසිම රාජකාරියක් නෑ.
මේ නිසා රාජ්ය සේවය පූර්ණ ප්රතිසංස්කරණයකට හා ප්රතිසංවිධානයකට භාජනය කළ යුතුයි. පුරවැසියෙකුට සිය ජීවිත කාලය පුරාම කඩිනම්ව ලබාගත යුතු රාජ්ය සේවයක් නිර්මමාණය කිරීම අපේ අරමුණයි.
වංචාවවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කළ යුතුයි. සොරකමින් තොර රටක්, සොරුන්ට දඩුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති පද්ධතියක් ගොඩ නැගිය යුතුයි. මෙහිදී අප අල්ලස හා දූෂණය වැලැක්වීම පිළිබඳ ජාතික ප්රතිපත්ති සකස් කළ යුතුයි.”
